Tuesday, January 10, 2017

JAVA Inheritance අභ්‍යාස

java inheritance  වලට අදාල  අභ්‍යාස අංක 1.


යාලුවනේ  මේක  run කරන්න කලින් ඔයාල එන්න පුලුවන්  output  එක  guess  කරන්න පුලුවන් නම් කොලේක ලිය ගන්න .පස්සේ මේක  run කරලා  output   එක හරිද කියලා බලන්න .
           


                                                                                                       


================================================

class A{
int a=10;
static int b=20;
static{
System.out.print("1 ");
}
{
System.out.print("2 ");
}
A(){
System.out.print("3 ");
}
static void mA(){
System.out.print("4 ");
}
}

class B extends A{
int x=10;
static int y=20;
static{
System.out.print("5 ");
}
{
System.out.print("6 ");
}
B(){
System.out.print("7 ");
}
static void mB(){
System.out.print("8 ");
}
}
class Demo{
public static void main(String args[]){
// පහත  code මෙතනින්  තබන්න

}
}
//A. new A()
//B. new A(); new A();
//C. A.mA();
//D. A.mA(); new A();
//E. new B();
//F. new B();new B();
//G. B.mB(); new B();
//H. B.mA();


========================================================================


ඔයාලගේ අදහස්  comment  line  එකෙන් දක්වන්න ...
ජය වේවා !

JAVA Inheritance Exercise

Do this JAVA Inheritance Exercises Try your best !  Avoid Running the code at first.
guess what and check your answers in the run time.    


                                                                                       


================================================

class A{
int a=10;
static int b=20;
static{
System.out.print("1 ");
}
{
System.out.print("2 ");
}
A(){
System.out.print("3 ");
}
static void mA(){
System.out.print("4 ");
}
}

class B extends A{
int x=10;
static int y=20;
static{
System.out.print("5 ");
}
{
System.out.print("6 ");
}
B(){
System.out.print("7 ");
}
static void mB(){
System.out.print("8 ");
}
}
class Demo{
public static void main(String args[]){
// place code here
}
}
//A. new A()
//B. new A(); new A();
//C. A.mA();
//D. A.mA(); new A();
//E. new B();
//F. new B();new B();
//G. B.mB(); new B();
//H. B.mA();

======================================================================

Comment if you have any doubts ..

JAVA Inheritance පාඩම් අංක 4


සුභ දවසක් යාලුවනේ

අද  පාඩම මම හිතුවා  video   tutorial  එකක්  විදියට කරන්න. මේක තමා  inheritance  වල අවසාන  post  එක වෙන්නෙ...  ඉතින් ඔයාලට මේ ගැන ප්‍රශ්න   තියෙනවා නම්  comment   line  එකේ දාන්න..   වැරදි තිබේ නම් පෙන්නල දෙන්න ..










මීලග post එකෙන් හමු වෙමු ...
ජය වේවා !

JAVA Object හැදෙන හැටි

සුභ දවසක් යාලුවනේ 

අද  පාඩම මම හිතුවා  video   tutorial  එකක්  විදියට කරන්න .  මම කලින් පොරොන්දු උනනේ   java  object  හැදෙන හැටි කියලා දෙනවා කියලා ..පහතින්   තියෙන  video  එකෙන් ඔයාලට ඒක බලා ගන්න   පුලුවන් ...







ඉතින් ඔයාලට මේ ගැන ප්‍රශ්න   තියෙනවා නම්  comment   line  එකේ දාන්න .  වැරදි තිබේ නම් පෙන්නල දෙන්න ..



මීලග   post  එකෙන් හමු වෙමු .
ජය වේවා  !


Monday, January 9, 2017

JAVA Inheritance පාඩම් අංක 3

සුභ දවසක් යාලුවනේ .

අද මම කතා කරන්න යන්නේ යාලුවනේ inheritance වල තියෙන ඊලග case එක
ගැන …. හරි මම ඉක්මනට කියාගෙන යන්නනම් අද අපි Java class වල තියෙන constructors  මේ කියන inheritance concept එකට බලපාන හැටි ගැන කතා කරනවා

මුලින්ම ඔයලා දැන ගන්න ඕනා මේ constructor මගින් මොකක්ද වෙන්නෙ කියලා .මේකෙන් වෙන්නෙ  අපි හදන Java class වල තියෙන coding execute කරන එක ඒ වගේම තමයි අපිconstructor වෙනස්  කරලා එකම class එකෙන් එකිනෙකට්‍ වෙනස් object හදා ගන්න පුලුවන් දැන් ඒ ගැන ලොකුවට කියන්න ගියොත් අද පාඩම කරන්න වෙන්නෙ නෑ ඒ කොටස් මම Java fundamental යටතේ තමයි  කරන්න ඉන්නෙ .

දැනට මතක තිය ගන්න constructor එක වෙනස් කරලා අපිට විවිද object හදන්න පුලුවන්
හරියට මේ වගේ



B b1=new B();
B b2=new B(10);
B b3=new B(10,10);




මේ වාගෙ constructor වෙනස් වීම නිස හැදෙන object වෙනස් වෙනවා ඒක වෙන්නෙ ඉතින් constructor   එකේ parameter වෙනස් කරලා . හරි දැන් ඒ කතාව හරි අද පාඩමට යමු .

මේක තමා අද පාඩමේ සාරාංශය …...



inherit කිරීම සිදු කල පසු එහි ඇති sub class එක execute කිරීමේ දී super class එක මගින් sub class එකට සාමන්යෙන් (by default) inherit වන්නේ super class හි ඇති default constructor එක පමනකි .
මේක අපිට වෙනස් කරන්නත් පුලුවන් .මේක නීතියක් යාලුවනේ ..




හරි දැන් අපිට සුපුරුදු උදහරනෙත් එක්ක මේක පැහැදිලි කර ගමු මම දන්නව Java ගැන වැඩිය දන්නෙ නැති යාලුවන්ට මේක ටිකක් නොතේරෙනවා ඇති .මොකද ඔය constructor ප්‍රශ්නෙ නිස මටත් පුලුවන් වෙන ඒවා වගේ සරල උදහරන අරත් හැමොම දන්න දේ විතරක් කියන්න එත් ඉතින් ඒකෙන් ඔයලට අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන් නෑ නේ  ටිකක් අමරු උනත් කොහොම හරි අල්ල ගන්න …

හරි දැන් මේ coding ටික බලන්නකෝ






දැන් මම කිවුව නීතියට අනුව output එක new B(); සහ new B(100); යන අවස්තා දෙකේදිම
super class A හි run වෙන්න ඕනා එයාගේ default constructor වන A(); කියන එක .
ඒක වෙනවද කියලා බලමු run කරලා






දැන් හරි නේද අපි මොන constructor එක run කරත් super class constructor ව්දියට add වෙන්නේ  එයාගේ default constructor එක ..

දැන් මම කිවුවනේ compiler super class constructor එක එයාම දානවා කියලා ඒ දන්නෙත් sub class   හි constructor එක ඇතුලටම තමයි .අපි බලමු ඒ වැඩෙ අපිම කරලා වෙයි ද කියලා






out put එක මෙහෙමයි









පේනවා නේ ඒ උනත් ප්‍රශ්නයක් නැතිව run වෙනවා ඒකට අපි ඔය super කියන keyword එක යොදා  ගන්නවා . අපිට ඔය විදියට sub class constructor එකට එන්න ඕනා super class constructor වෙනස් කරන්න උනත් පුලුවන් ඒ කියන්නේ default එක නොවන විදියට වෙන constructor එකක් උනත් දන්න පුලුවන් …..... ඒක ගැන මීලග post එකෙන් දාන්නම් .

එහෙනන් අද පාඩමෙන් කියලා දීපු constructor සහ inheritance වල සම්බන්ධතාව ඔයාලට
වැටහෙනවා ඇති කියලා මම හිතනවා .

ඉතින් යාලුවේ මම campus එකේ වැඩත් අස්සේ මේ blog එක කරන්නේ ලොකු මහන්සියක් දරලා ….ඔයලට පුලුවන්න් නම් මේක කියවලා නිකන් යන්නේ නැතිව comment එකක් දල ඔයාලගෙ අදහස් කියල යන්න අමතක කරන්න එපා … ඒක මට මේක තව හොදට කරන් යන්න ලොකු හයියක් වෙනවා ….මොකද ඔයලා කවුරු හරි මේකෙන් දෙයක් ඉගෙන ගන්නවා කියලා දැනෙන කොට ….. මේකෙ තියෙන වරදි ඇත්නම් පෙන්නන්න යලුවනේ …... ඉතින් අපි ඊලග post එකෙන් හමුවෙමු ..



ජය වේවා …!

JAVA Inheritance පාඩම් අංක 2

සුභ දවසක් යාලුවනේ .

අද මම කතා කරන්න යන්නේ යාලුවනේ inheritance වල තියෙන ඊලග case එක ගැන හරි මම ඉක්මනට කියාගෙන යන්නන් ඔක්කොටම කලින් බලන්නකෝ පහත code එක මේක දැක්කම ඔයාලට ප්‍රශ්න ගොඩක් එයි මේ ගැන කලින් දන්නෙ නැතිනම් ..හැබැයි මේක 100% නිවැරැදි code එකක් compile වෙනවා.




හරි දැන් මට තියෙන්නේ මේවා එකින් එක පැහැදිලි කරන්න.

ඔතන තියෙන

B b1=null;
b1.a=100;
b1.printA();

කියන එකනේ ප්‍රශ්නයට තියෙන්නේ

  1. b1 object එකක් assign කරලා නෑ නේ එතකොට compile වෙනවද
  2. කොහොමද class A ගෙන් object එකකහදන් නැතුවම ඒකේ තියෙන දේවල් access කරේ
  3. ඒකත් inherit වෙලා තියෙන class B ගේ ඉදන් නෙවෙයි නේ වෙන demo කියන class එකක නේ

ඔයවගේ ප්‍රශ්න ඔයලට එන්න ඕන ..හරි මේ බලන්නකෝ


1.compiler time එකේදි compiler බලන්නේ class B ගේ byte code එක හදන්න විතරයි ඊට අදාල byte code එක තමා මුලින්ම හදන්නේ එතනදි object හදීමක් වෙන්නෙ නෑ ..object හදන්නේ run time එකේදි jvm එක විසින් දැන් ඒකත් හරිනේ



2.දෙවෙනි කාරනව නම් ඔයාල දන්නවා  B class එකට class A inherit කරපු නිසා තමයි




3.තුන් වෙනි කාරනව තමයි B b1; කියන කොට class B ගේ byte code එක හැදෙනවනේ
මෙහිදී compiler බලනවා B කියන class එකට අදාල byte code එකේදි කොහෙදි හරි a කියලා attribute එකක් හා printA(); කියලා method එකක් තියෙනවද කියලා B A extend (inherit) කිරීම නිසා ඒවා class B හි දැනටමත් ඇතුලත්ව ඇත එම නිසා compile error නොදේ.



වැදගත් :- මෙහිදී extend කිරීමෙදි physically byte code add නොවේ . add වන්නේ logically පමනකි මේක මෙහෙම run කරන්න බෑනේ යලුවනේ මොකද null pointer exception එකක් දෙන නිසා ..

අපි ඉතින් b1 reference එකට object එකක් assign කරල run කරලම බලමු .









output එක මෙහෙමයි .







හරි නේද යාලුවනේ ඉතින් ඔහොම තමයි අද පාඩම් නිමා වෙන්නෙ මම හිතනව ඔයාලට ගන්න දෙයක් තිබුනා කියලා

ඉතින් යාලුවේ මම campus එකේ වැඩත් අස්සේ මේ blog එක කරන්නේ ලොකු මහන්සියක් දරලා ….ඔයලට පුලුවන්න් නම් මේක කියවලා නිකන් යන්නේ නැතිව comment එකක් දල  ඔයාලගෙ අදහස් කියල යන්න අමතක කරන්න එපා … ඒක මට මේක තව හොදට කරන් යන්න  ලොකු හයියක් වෙනවා ….මොකද ඔයලා කවුරු හරි මේකෙන් දෙයක් ඉගෙන ගන්නවා කියලා දැනෙන කොට …..  මේකෙ තියෙන වරදි  
ඇත්නම් පෙන්නන්න යලුවනේ …... ඉතින් අපි ඊලග post එකෙන් හමුවෙමු ..


ජය වේවා …!

Saturday, January 7, 2017

JAVA Inheritance පාඩම් අංක 1

සුභ දවසක් යාලුවනේ ......😔😊😊

අද මම කතා කරන්න් හදන්නේ එද  post එකේම ඉතුරු ටික
ඉතින් අලුතෙන් එකතු වුන යාලුවෝ ඉන්නවා නම් ඒක බලලම මෙකත් එක්ක එකතු වෙන්න.     යලුවනේ මම එද inheritance කියන්නෙ මොකක්ද කියලා කිවුවනේ දැන් මම ඒක නිසා  මේකේ තියෙන  case එකෙන් එක කියගෙන යන්නන් …




ඊට කලින් මේක පොඩ්ඩක් බලන්නකො …

               




   



ඉතින් මම හිතනවා ඕකේ තියෙන code එක ඔයාලට හුරු ඇති.මොකද කලින් post එකෙත් තිබ්බෙ ඕකමනේ හැබැයි හොදට බැලුවොත් පේනවා ඇති ඕකෙ තියෙන static block එක ගැන …       ඒ මොකක්ද ඒ දැන් ඒක තමා ප්‍රශ්නේ …   😇😇    හරි මම මුලින්ම කියන්නන් මොකක්ද  static block  කියන්නේ කියලා 


        static block කියන්නෙ object එකක් එහෙමත් නැත්තන් main method එක run වෙන්න කලින් execute   වෙන block එකක් අපි object එකක් හැදුවත් නැතත් ඒක execute වෙනවා …

ඔතන ටිකක් ලොකු කතවක් තියෙනව යලුවනේ ඒක මම ඔයලට video tutorial එකක් හදලා දන්නන්  දැනට මතක තියා ගන්න static block තමා හමොටම කලින් execute වෙන්නෙ කියලා …   මේක මේ අර අපි දන්න static method එක නෙවෙයි යලුවනේ මේක block එකක් ඒක නිස පටලවා ගන්න එපා


හරි දැන් මම කියන්නන් මොකටද මම මේ වේලවෙ මේ static block එකක් මෙතෙන්ට ඇද ගත්තේ කියලා ...මම මේ කියල දෙන්න හදන්නෙ inheritance වලදි මුලින්ම execute වෙන්නෙ Super class එක ඊට පස්සෙ තමා sub classes run වෙන්නේ කියලා ඉතින් ඕක පෙන්නන්න තමා ඔය static block මම මෙතෙන්ට යොද ගත්තේ .

දැන් ඉතින් ප්‍රශ්න කෝටියයි 😇😇😇 මොනද super , sub class කියන්නේ

හරි මේ බලන්නකෝ

super class => අපි inherit කරන්න යොදා ගත්ත class එක
sub class => ඒක නිසා inherit වෙච්ච class එක /ගතිගුන ලබුනු class එක .

දැන් හරිනේ ..ඒ කියන්නෙ ඉහත උදහරනේ විදියට නම්


 A => super class
 B => sub class



­
ඉතින් අපි මොකක් හරි inherit උන class එකක් object එකක් හදල execute කරනකොට මුලින්ම execute වෙන්නෙ ඔය super class තමා ඒකියන්නෙ ඔතනදි මුලින්ම class A ගේ දේවල් execute වෙල  තම class B execute වෙන්නේ …  දැන් බලමු මොනද මේ execute වෙන දේවල් කියලා ..

ඕනම class එකකින් object එකක් හැදෙද්දි මේ අනුපිලිවලට තම block run වෙන්නේ

1.static block
2.instance block
3.constructors

ඕකෙ static block ගැන මම පස්සෙ කියන්නම් කිවුවනේ බලන්නකෝ දෙවෙනියට run වෙන instance block එක ගැන ඒක තමා අපි variables වලට values assign කරාම ඒක assign වෙන තැන ..

 ඊටත් පස්සෙ තම run වෙන්නෙ constructor එක ..එතනදි  තම main method එකට අදල coding එහෙමත් run වෙන්නේ …

මම මෙතනදි මේව කියන්නේ යලුවනේ මේව ඉදිරියෙදි ගොඩක් ඕන වෙනවා …
ඒකෙන් ඔයලට ඉදිරි පාඩම් අවබෝධ කර ගන්න ලේසි වෙයි .


හරි දැන් ඔයලා දන්නවනේ   😐😊😊😊😊 …..මම අද පාඩමට ආයෙත් එන්නම් ..

දන් මම කිවුවනේ මුලින්ම runවෙන්නෙ super class පස්සෙ තමා sub class කියලා
ඉතින් ඕක පෙන්නන්න තම මම ඔය static block ගත්තේ .....
මුලින්ම run වෙන්නේ  super class නම් ඉතින් මුලින්ම class A ගේ static block run වෙන්න එපැ .පස්සේ තමා sub class එකේ  coding run වෙන්නෙ ..හරි එහෙනන් බලමු මේකේ out put එක එහෙම වෙයිද  කියලා ..

 




හරි දැන් ඔයලට පැහැදිලි ඇතිනේ යාලුවනේ ඉතින් අපිට තවත් C කියලා class එකක් යොදගෙන  මේක තවත් පැහැදිලිකර ගනිමු ..




බලමු අපි මේ ව්දියට output ලැබේද කියලා

                  class A static block ---> class B static block ------> class C static block



   



හරි නේද යලුවනේ ඉතින් ඔහොම තමා අද පාඩම නිම වෙන්නෙ මම හිතනව අලුත් දේවල් ටිකක් තිබ්බ කියලා... අවසන වශයෙන් අපිට ගන්න තියෙන්නෙ inheritance වලදි class run වෙන අනුපිලිවෙල    super එකේ සිට sub එක දක්වා කියලා ...


ඉතින් යාලුවේ මම campus එකේ වැඩත් අස්සේ මේ blog එක කරන්නේ ලොකු මහන්සියක්  දරලා ….ඔයලට පුලුවන්න් නම් මේක කියවලා නිකන් යන්නේ නැතිව comment එකක් දල   ඔයාලගෙ අදහස් කියල යන්න අමතක කරන්න එපා … ඒක මට මේක තව හොදට කරන් යන්න  ලොකු හයියක් වෙනවා ….මොකද ඔයලා කවුරු හරි මේකෙන් දෙයක් ගන්නවා කියලා දැනෙන කොට  මේකෙ තියෙන වරදි ඇත්නම් පෙන්නන්න යලුවනේ …... ඉතින් අපි ඊලග post එකෙන් හමුවෙමු .. 😊😊😋😉

ජය වේවා ...!


JAVA Inheritance ගැන සරලව සිංහලෙන්

යාලුවනේ අද මම කතා කරන්න හදන්නෙ java වල තියෙන inheritance කියන concept එක ගැන....    ඔයල web එකේ search කරොත් පෙනෙයි මේ ගැන ගොඩක්ම තියෙන්නෙ ඉංග්‍රීසිවලින් ඉතින් සමහර විට අපිට ටිකක් ඒවා තේරුම් ගන්නත් අමාරුයි ..😇😇😇

ඉතින් මම හිතුවා java ගැන හොද post ටිකක් දන්න සිංහලවලින් post කරන්න...
ඔයාල දිගටම මාත් එක්ක ඉදීවි කියල හිතනවා....😆😆😆

මම inheritance ගැන කතකරන්නෙ case වශයෙන්.... 
ඒක ඔයලට ඉදිරියෙදි තේරුම් යයි ..
මතක තිය ගන්න අපිට java අමරු වෙන්නෙ ඔය සුද්දො දාන show නිසා😑😉 ඔවගේ මහ දෙයක් නෑ  යාලුවනේ ඉතින් මම දන්න හැම දේම ඔයලාත් එක්ක බෙද ගන්න බලාපොරොත්තුවෙනවා …


මම post වල කෙටියෙන් කියලා දුන්නත් ඒවට අදල exercises දනවා මේකෙ තියෙන compete කියන  page එකේ ...ඉතින් ඔයල ඒව අනිවර්යෙන්ම කරන්න ඕනා නැත්නම් මෙකේ වඩක් නැති වෙනවා.....😜

campus වල උනත් හරියට උගන්නන්නේ නෑ නේ ඒක මම හොදටම දන්නව මටත් එහෙමයි ඉතින්  😝😝😝    අපි හැමොටම පුලුවන් දන්න දේවල් වල දැනුම බෙද ගන්න …

මම පොඩ්ඩක් බයිල ටිකක් වැඩියෙන් ගැහුවේ මේක මගේ OOP වල මුල්ම post එක නිස ඔයලට පොඩි   idea එකක් දෙන්න ….

ඉතින් වැඩි කත නැතිවම අපි අද වැඩෙට බහිමු …......

JAVA Inheritance


ඔයල මේක පොඩ්ඩක් බලන්නකෝ ….










ඔතන අපි class එකක් හදනවා A කියලා ඒකේ තියෙනවා අ කියලා attribute එකක් හා printA()   කියන method එක ...ඒකෙන් වෙන්නෙ a කියන එක print වෙන එක ..
ඊලගට class B එක ..

ඒකෙත් ඔය වගේම attribute b සහ method printB() තියෙනවා .. ඒකෙන් වෙන්නේ  b value print වෙන එක ඊට අමතරව printAB() ,   කියලා method  එකක් තියෙනවා …එකෙන් අපිට පුලුවන් a , b values print කරන්න .. callPrintAB() method එකෙන් පුලුවන්  printA() නැත්නම් printB()  කියන method වෙන වෙනම execute කරන්න ..

දැන් ඔයලට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද B class එකේ ඉදන් print A() , a access කරේ කියලා...😇😇😇 මොකද අපි  A ගේ object එකක් හදලත් නෑ නේ ....

ඔන්න ඔකට තමා inherit කරනවා කියන්නෙ …

අපි class A ගෙන් class B extend කරොත් අපිට පුලුවන් class A තියෙන සෑම attribute , methods  access කරන්න ඒක තමා කියන්නෙ inherit කරනව කියලා ..ඒකට extends කියන keyword එක තමා  යොද ගන්නෙ....

හිතන්න ඔයගේ තාත්තාට අයිති දේ ඔයට අයිති වෙන හැටි ඒ වගේ තමයි ….

class A ගේ දේවල් class B ට අයිති වුනා inherit කිරීම හරහා …

අපි ඔයවගේ java හදපු james gosling හදපු Jframe කියන classs එක  use  කරලා තමයි
window  එකක් වගේ දෙයක් හදා ගන්නෙ අපිට ලොකුවට  code  කරන්න දෙයක් නෑ
අර කලින් හදපු Jframe කියන එකෙන් extend කරම හරි 

දැන් ඔයලට මේකේ concept එක පැහැදිලි ඇති ..   හැබැයි ඔයගෙන් අහුවොත් හරියටම inheritance කියන්නෙ මොකක්ද කියලා ඔහොම  කියලා බෑනේ එහෙම උනොත් මෙහෙම කියන්න …😊😊😊

අපි මොකක් හරි අලුත් class එකක් හදනව කලින් defined කරලා තියෙන class එකක් අරන්  මොකක් හරි purpose එකකට .


තව මේකෙන් අපිට coding වල reuse කරන්න පුලුවන් වීමත්  අපිට තියෙන වසියක් …

හරි දැන් මම inheritance කියන concept එක පැහැදිලිකරනෙ දන් අපිට පුලුවන් අනිත් case
ටිකත් ඉක්මනට කරගෙන යන්න ….

ඉතින් යාලුවේ මම campus එකේ වැඩත් අස්සේ මේ blog එක කරන්නේ ලොකු මහන්සියක් දරලා ….😥 ඔයලට පුලුවන්න් නම් මේක කියවලා නිකන් යන්නේ නැතිව comment එකක් දල  ඔයාලගෙ අදහස් කියල යන්න අමතක කරන්න එපා … ඒක මට මේක තව හොදට කරන් යන්න  ලොකු හයියක් වෙනවා ….මොකද ඔයලා කවුරු හරි මේකෙන් දෙයක් ගන්නවා කියලා දැනෙන කොට  ...
මේකෙ තියෙන වරදි ඇත්නම් පෙන්නන්න යලුවනේ …... 
ඉතින් අපි ඊලග post එකෙන් හමුවෙමු ..

ජය වේවා ...🙌🙌🙌🙌





Friday, January 6, 2017

JAVA OOP Inheritance

What is Inheritance in JAVA


Case 1

In this Example you can see how we can inherit one classes property to (attributes and Methods) another one.Consider this example below and you'll see how we inherit A's property to by using
keyword “extends”.

Without that keyword we are unable to inherit that properties.


class A{

   int a;
   static{
         System.out.println("static of A");
   }


    void printA(){
         System.out.println("A : "+a);
    }
}


class B extends A{ //<-- extends
   int b;
   static{
       System.out.println("static of B");
   }


    void printB(){
       System.out.println("B : "+b);
    }

    void printAB(){
       System.out.println("A : "+a);
       System.out.println("B : "+b);
    }

    void callPrintAB(){
       printA();
       printB();
   }

}

class Demo{
     public static void main(String args[]){
      B b1=new B();
     }
}


Try your self and the output will be

static of A
static of B

Because the static blocks executes before creating the objects.
For a standard def we can say inheritance is , Make a new class using defined existing
class for any purpose. And it is Re Usable.

This is similar to creating a Calculator using Jframe class.whether it is defined by James Gosling
we can re use it for our newer purposes.

Ok guys this is the rough idea of Inheritance hope you will understand and this is enough to understanding purpose so I will upload some problems to “COMPETE ” page.Please do join with that...Please join with my next post which is the next case of inheritance...
Have a nice day !


Wednesday, January 4, 2017

JAVA RMI වලින් Chat Room එකක් හදමු ද

මේක ප්‍රදාන කොටස් 3 කින් සමන්විතයි 


  1. Server project
  2. Common project
  3. Client project



watch my youtube videos on 

මීට අදාල  youtube video මාලව නරඹන්නට පහත link මත click කරන්න ..

එය වඩාත් පහසු වේවි ..





=====================================================================

යලුවන්ට මේක ගැන ප්‍රශ්න තියෙනවා නම්  මෙකේ  තියෙන comment line එකේ  comment
කරන්න ...
අඩුපාඩු  ඇත්නම් ඒවත් කියන්න .....
තවත් මෙවනිම ලිපියකින් හමුවෙමු .....