සුභ
දවසක් යාලුවනේ
….
අද මම
කතා කරන්න යන්නේ යාලුවනේ
inheritance වල තියෙන ඊලග
case එක
ගැන ….
හරි මම ඉක්මනට කියාගෙන
යන්නනම් අද අපි Java class වල
තියෙන constructors මේ කියන
inheritance concept එකට බලපාන
හැටි ගැන කතා කරනවා
මුලින්ම
ඔයලා දැන ගන්න ඕනා මේ constructor
මගින් මොකක්ද වෙන්නෙ
කියලා .මේකෙන් වෙන්නෙ අපි හදන
Java class වල තියෙන coding
execute කරන එක ඒ වගේම තමයි
අපිconstructor වෙනස් කරලා එකම
class එකෙන් එකිනෙකට්
වෙනස් object හදා ගන්න
පුලුවන් දැන් ඒ ගැන ලොකුවට
කියන්න ගියොත් අද පාඩම කරන්න
වෙන්නෙ නෑ ඒ කොටස් මම Java
fundamental යටතේ තමයි කරන්න
ඉන්නෙ .
දැනට මතක
තිය ගන්න constructor එක
වෙනස් කරලා අපිට විවිද object
හදන්න පුලුවන්
හරියට මේ
වගේ
B
b1=new B();
B
b2=new B(10);
B
b3=new B(10,10);
මේ වාගෙ
constructor වෙනස් වීම නිස
හැදෙන object වෙනස්
වෙනවා ඒක වෙන්නෙ ඉතින් constructor එකේ parameter
වෙනස් කරලා . හරි
දැන් ඒ කතාව හරි අද පාඩමට
යමු .
මේක තමා
අද පාඩමේ සාරාංශය …...
inherit
කිරීම
සිදු කල පසු එහි ඇති sub
class එක
execute
කිරීමේ
දී super
class එක
මගින් sub
class එකට
සාමන්යෙන් (by
default) inherit වන්නේ
super
class හි
ඇති default
constructor එක
පමනකි .
මේක
අපිට වෙනස් කරන්නත් පුලුවන්
.මේක
නීතියක් යාලුවනේ ..
හරි දැන්
අපිට සුපුරුදු උදහරනෙත් එක්ක
මේක පැහැදිලි කර ගමු මම දන්නව
Java ගැන වැඩිය දන්නෙ
නැති යාලුවන්ට මේක ටිකක්
නොතේරෙනවා ඇති .මොකද
ඔය constructor ප්‍රශ්නෙ
නිස මටත්
පුලුවන් වෙන ඒවා වගේ සරල උදහරන
අරත් හැමොම දන්න දේ විතරක්
කියන්න එත් ඉතින්
ඒකෙන් ඔයලට අලුත් දෙයක් ඉගෙන
ගන්න ලැබෙන් නෑ නේ ටිකක්
අමරු උනත් කොහොම හරි අල්ල ගන්න
…
හරි දැන්
මේ coding ටික බලන්නකෝ
දැන් මම
කිවුව නීතියට අනුව output එක
new B(); සහ new B(100); යන
අවස්තා දෙකේදිම
super class A හි
run වෙන්න ඕනා
එයාගේ default constructor වන
A(); කියන එක .
ඒක වෙනවද
කියලා බලමු run කරලා
දැන් හරි
නේද අපි මොන constructor එක
run කරත් super class
constructor ව්දියට add වෙන්නේ එයාගේ
default constructor එක ..
දැන් මම
කිවුවනේ compiler super class constructor එක
එයාම දානවා කියලා ඒ දන්නෙත්
sub class හි constructor
එක ඇතුලටම තමයි .අපි
බලමු ඒ වැඩෙ අපිම කරලා වෙයි
ද කියලා
out put එක
මෙහෙමයි
පේනවා නේ
ඒ උනත් ප්‍රශ්නයක් නැතිව run
වෙනවා ඒකට අපි ඔය super
කියන keyword එක
යොදා ගන්නවා
. අපිට ඔය විදියට
sub class constructor එකට එන්න
ඕනා super class constructor වෙනස්
කරන්න උනත් පුලුවන් ඒ කියන්නේ
default එක නොවන විදියට
වෙන constructor එකක් උනත්
දන්න පුලුවන් …..... ඒක
ගැන මීලග post එකෙන්
දාන්නම් .
එහෙනන්
අද පාඩමෙන් කියලා දීපු constructor
සහ inheritance වල
සම්බන්ධතාව ඔයාලට
වැටහෙනවා
ඇති කියලා මම හිතනවා .
ඉතින්
යාලුවේ මම campus එකේ
වැඩත් අස්සේ මේ blog එක
කරන්නේ ලොකු මහන්සියක් දරලා ….ඔයලට
පුලුවන්න් නම් මේක කියවලා
නිකන් යන්නේ නැතිව comment එකක්
දල ඔයාලගෙ
අදහස් කියල යන්න අමතක කරන්න
එපා … ඒක මට මේක තව හොදට කරන්
යන්න ලොකු හයියක්
වෙනවා ….මොකද ඔයලා
කවුරු හරි මේකෙන් දෙයක් ඉගෙන
ගන්නවා කියලා දැනෙන කොට ….. මේකෙ තියෙන
වරදි ඇත්නම් පෙන්නන්න යලුවනේ
…... ඉතින් අපි ඊලග
post එකෙන් හමුවෙමු
..
ජය වේවා
…!





0 comments:
Post a Comment